අඟහරුවාදා, 27 පෙබරවාරි 2024 07:10

ඇලෙක්සි නවාල්නිගේ දේහය මවට භාර දෙයි Featured

රුසියානු විපක්ෂ නායකයා වන ඇලෙක්සි නවාල්නිගේ දේහය ඔහුගේ මව වෙත භාරදී තිබේ. ඔහුගේ ප්‍රකාශකයෙකු සහ සහායකයෙකු වන කිරා යර්මිෂ් ඉකුත් සෙනසුරාදා (24දා) පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඇලෙක්සිගේ දේහය ඔහුගේ මවට ලබා දෙන ලදී. අප සමඟ මෙය ඉල්ලා සිටි සියලුම දෙනාට බොහෝ ස්තූතියි, ලෙසය.

ඔහුගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ තොරතුරු තවමත් නිශ්චය කර නොමැති අතර, බලධාරීන් මැදිහත් වේද යන්න අපැහැදිලි බව ද යර්මිෂ් පැවසීය.

47 හැවිරිදි නවාල්නි, රුසියාවේ වඩාත්ම කැපී පෙනෙන විරුද්ධවාදී හඬ ලෙස සැලකේ. ‘අන්තවාදී’ චෝදනාව මත වසර 19 ක සිරදඬුවමක් විඳිමින් සිටියදී ඔහු ඉකුත් 16 වැනිදා මිය ගියේය.

DN

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website