ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද (20) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
වගා කන්න 3කට පසුව මෙරට ගොවීන් ලක්ෂ 12ක් සඳහා අද(20) සිට මඩ පොහොර නොමිලයේ ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
සියලු තරග පරාජය වෙමින් තිබූ අවස්ථාවක, අවසානයේ ජයග්‍රහණය අත් කරගත් රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් නායකයා මෙන් තමන් ද පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතට ඔසවා තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ගුරුමාරු මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට (20) අධ්‍යාපන අමාත්‍යංශය වෙත කැදවීමක් සිදුකර ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත රුචිරා කම්බෝජ් සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අතර හමුවක් සිදුවී තිබේ.
ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව ඉදිරි දින දෙක තුළ දිවයිනට ළඟා වනු ඇති බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.
මැතිවරණය සඳහා මුදල් ලබානොදීමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයට අපහාස කිරීමක් සිදුකර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.