මෙරට හිඟව පැවති ඖෂධ වර්ග 146ක් ඉන්දියානු ණය ආධාර යටතේ දිවයිනට ආනයනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඉන්දියානු සම්භවයක් ඇති රවී චෞද්‍රි අමෙරිකානු ගුවන් හමුදාවේ බලශක්ති, ස්ථාපන සහ පරිසරය පිළිබඳ සහකාර ලේකම් ලෙස පත්වී තිබේ.
කොවිඩ් සමයේදී පාසල් නොපැවැත්වීම තුළින් මෙරට දරුවන්ගේ අධ්‍යාපනය දරුණු පසුබෑමකට ලක්වී ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් ආනවරණවී තිබේ.
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට ඉස්ලාමාබාද් පොලීසිය දෙවන වරටත් අපොහොසත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත් පූර්ණ විනිවිඳභාවයක් පවත්වා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට බාහිර ණයහිමියන්ට ප්‍රකාශ කර තිබේ.
මැතිවරණ කොමිසම අද (16) පෙරවරු 10.30ට රැස්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.
වර්ජනයක් ක්‍රියාත්මක වුවද, දිවයින පුරා ලංකා බැංකු ශාඛා 265 ක් සහ මහජන බැංකු ශාඛා 272 ක් අද (15) ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.