බදාදා, 15 මාර්තු 2023 12:22

පාකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ නිවසට කඳුළු ගෑස් ප්‍රහාරයක් Featured

පකිස්ථාන පොලීසිය එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ නිවසට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඒ හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ ආධාරකරුවන් ඊට විරෝධය පළ කිරීමත් සමගයි.

එම අවස්ථාවේදී ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉම්රාන් ඛාන් ,අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, විදෙස් රටවලින් රජය වෙත ලැබුණු විශේෂ ත්‍යාග ඔහු නීති විරෝධී ලෙස අලෙවිකර ඇති බවට චෝදනා එල්ල විය.

මීට අදාළ නඩුවක් සම්බන්ධයෙන්, අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා පාකිස්ථානු අධිකරණය නියෝග නිකුත් කළේ ය.

නමුත් මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී නොමැත.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website