බදාදා, 15 මාර්තු 2023 09:39

රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් සමග ගැටී අමෙරිකානු ඩ්‍රෝන යානයක් කළු මුහුදට කඩා වැටෙයි Featured

රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් සමග ගැටීමෙන් පසු අමෙරිකානු ඩ්‍රෝන යානයක් කළු මුහුදට කඩා වැටී තිබේ.

අමෙරිකානු බලධාරීන් පවසන්නේ, ජාත්‍යන්තර ගුවන් සීමාවේ පියාසර කරමින් තිබූ මෙම නිරීක්ෂණ ඩ්‍රෝන යානය අසලින් රුසියානු ප්‍රහාරක ජෙට් යානා දෙකක් නොසැලකිලිමත් ලෙස පියාසර කළ බවයි.

මෙම අවස්ථාවේදී එක් ජෙට් යානයක් ඩ්‍රෝන යානයේ සමග ගැටීමෙන් ඩ්‍රෝන යානය කළු මුහුදට කඩා වැටී තිබේ.

නමුත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් රුසියාව පවසන්නේ, අමෙරිකානු ඩ්‍රෝන යානයේ ට්‍රාන්ස්පොන්ඩර් හෙවත් සන්නිවේදන උපකරණ ක්‍රියා විරහිත කර තිබූ බවයි.

මෙම අනතුර, රුසියාව සහ අමෙරිකාව අතර ඍජු ගැටුම් ඇතිකිරීමේ අවධානමක් මතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website