අඟහරුවාදා, 14 මාර්තු 2023 09:39

සුළි කුණාටුවකින් මලාවි රාජ්‍යයේ 99ක් මරුට Featured

ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් මලාවි රාජ්‍යයේ පුද්ගලයින් 99 දෙනෙකු මියගොස් තිබේ.

එරට ආපදා කළමනාකරණ අංශ පවසන්නේ වාණිජ අගනගරය වන බ්ලැන්ටයර් වෙත වැඩි හානි සිදුව ඇති බවය.

සුළි කුණාටුව හේතුවෙන් තවත් පුද්ගලයින් 134 දෙනෙකු තුවාල ලබා තිබේ.

මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් පවසයි.

මෙම තත්ත්වය තුළ මලාවි රාජ්‍යයේ හදිසි ආපදා තත්ත්වයක් ද ප්‍රකාශ කර තිබේ.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website