අඟහරුවාදා, 14 මාර්තු 2023 09:36

අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියට එකඟ වෙයි Featured

අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියට එකඟ වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව යන රටවල නායකයින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන සමූහයක් නිර්මාණය කිරීමේ සැලැස්මේ නව තොරතුරු හෙළි කර ඇති බවයි.

එකඟ වූ ගිවිසුම යටතේ, ඔස්ට්‍රේලියාවට ප්‍රථමයෙන් අමෙරිකාවෙන් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන 3ක් ලැබෙනු ඇතැයි සඳහන් වේ.

ඉන්දු – පැසිෆික් කලාපය තුළ චීනයේ බලපෑම මැඩලීම මෙම ගිවිසුමේ අරමුණයි.

සබ්මැරීන භාවිත කිරීමට අවශ්‍ය පුහුණුව ලබා ගැනීම සඳහා රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවේ සාමාජිකයින් මේ වසරේ සිට අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සබ්මැරීන් කඳවුරුවල වෙත යවනු ඇති.

කලාපය නිදහස් හා විවෘතව පවතින බව සහතික කිරීමට රටවල් තුනම කැපවී සිටින බව ද අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ ය.

එම අවස්ථාවට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සහ බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් සහභාගී වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website