සදුදා, 20 මාර්තු 2023 08:17

අවසානයේ ජයග්‍රහණය අත්කර ගත් රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් නායකයා මෙන්, මමත් පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතට ඔසවා තබනවා - ජනපති Featured

සියලු තරග පරාජය වෙමින් තිබූ අවස්ථාවක, අවසානයේ ජයග්‍රහණය අත් කරගත් රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් නායකයා මෙන් තමන් ද පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතට ඔසවා තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, (19) ‍පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති 32 වැනි ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

කොළඹ ශාන්ත‍ තෝමස් විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, විසාකා විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව සඳහා දිවයින පුරා පාසල් රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 700ක් පමණ මෙම අවස්ථාවට සහභාගී විය.

රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට පසුගිය මාස 07 තුළ තම කණ්ඩායමට හැකි වූ බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ තවදුරටත් ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් නොවන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

''රාජකීය විද්‍යාලයට වැදගත් , කොහොමද ?පරාජය වෙන එක නවත්වන්නේ කියන එක සහ දිනන්නේ කොහොමද? කියන එක, රාජකීය විද්‍යාලය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා බැලුවේ පරාජය වළක්වන්නේ කොහොමද? කියන එක නෙවෙයි , ජයග්‍රහණය කරා කෙසේ හෝ යන්න. එ්ක හොඳ නායකත්වයක් ඒක මම අගය කරනවා. ඔහු රාජකීය විද්‍යාලය පරාජය වෙමින් පවතින කොට අවසාන වෙලාවේ ජයග්‍රහණය කරා ගෙන ගියා. මම කරන්නේ යන්නෙත් රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කරපු දේ තමයි. ගිය ජූලි මාසයේ මට කිව්වා රට භාර ගන්න කියලා. ඒ කාලේ රටේ ඉන්ධන ,පොහොර ආහාර හිඟයක් තිබ්බා. හැම භාණ්ඩයකම හිඟයක් තිබ්බා.අපිට සල්ලි තිබ්බේ නෑ. අපිට අපේ ගෙවීම් කරන්න පුළුවන්කමක් තිබු‍ණේ නෑ.ආණ්ඩුවට මුදල් තිබුණේ නෑ ඒ ආමාරු ඉලක්කයක් වෙලා තිබුණේ.ඒක රාජකීය කණ්ඩායම තරග බොහෝමයක් පාරාජය වී තිබීම හා සමානයි. ගොඩක් කට්ටිය හිතුවේ අපිට ඒ තත්ත්වයෙන් ගොඩඑන්න බැරි වෙයි කියලා. පසුගිය මාස 07 ක කාලය පුරා මා හා මගේ කණ්ඩායමට පුළුවන් වුණා මේ තත්ත්වය ස්ථාවර කරන්න. රාජකීය කණ්ඩායමේ ක්‍රිකට් නායකයා වගේම මම රටේ ආර්ථීකය ගොඩ නගන්න කටයුතු කරන්න ඕනේ..''

ජනාධිපතිවරයා මෙහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා පිළිබඳව අදහස් පල කළේ ය.

''අපි දැන් කරගෙන යන ක්‍රියාවලියයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතියයි අපිට පොඩි සහන කාලයක් ලබා දෙනවා විතරයි.මේ කාලය ඇතුලත ඔවුන් අපිට කියයි අපි බංකොලොත් වෙලා නෑ අපිට අපේ ණය ප්‍රතිව්‍යූහගත කරන්න පුළුවන් කියලා. මේ වසරේ ගෙවන්න තියෙන ණය මුදල් සඳහා අපිට වසර 10 ක කාලයක් හිමිවෙයි. ඒ කාලය ඇතුළත අපිට තවත් ණය මුදල් ගන්න සිද්ධ වෙයි.මොකද අපේ විදේශ සංචිත උපයන මාර්ග වසරකට අපිට අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා නොදෙන නිසා.ඉන්ධන සහ පොහොර ආනයයන කිරීමට අවශ්‍ය මුදල් නොමැති නිසා. අපගේ අපනයන ආදායම , ආනයන වියදම් වලය වඩා අඩුයි. ඒක තමයි දිගුකාලීන සැලැස්ම. දෙවනුව අපිට බලන්න වෙනවා රුපියල ස්ථාවර කරන්නේ කොහොමද ?කියලා. ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය දැන් 300 ත් ඉක්මවලා තියෙනවා. ඒක 380 ටත් වැඩියෙන් ගිහින් තියෙන්නේ. අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තියෙන එකඟතාවෙන් පස්සේ රුපියල අඩුවෙයි . නමුත් එක් එකපාරටම 185 , 200 වෙන්නෙ ණෑ. ඒක වෙන්නෙ ක්‍රමානූකූලව..''

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website