ඉරිදා, 19 මාර්තු 2023 07:30

මුදල් ලේකම්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සජබය දැනුම්දෙයි Featured

මැතිවරණය සඳහා මුදල් ලබානොදීමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයට අපහාස කිරීමක් සිදුකර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

නීතිඥයෙකු මාර්ගයෙන් ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යොමු කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට මේ බව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කර ව්‍යවස්ථාවේ 105 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බැවින් අධිකරණයට අපහාස කිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website