Editor

Editor

නවතම ණය දීමේ ප්‍රතිසංස්කරණ මේ වසරේ නොවැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි ලෙස ණයගැති (අධිභාර) රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කරයි.

පළාත් සභා යන්ත්‍රණය විධිමත් කිරීමට යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (22) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ පැවති සාකච්ඡාවේදීය.

බංග්ලාදේශයේ හිටපු අගමැති ශෙයික් හසීනා ඇතුළු අවාමි ලීග් රජයේ පාලනය බිඳ වැටීමත්, රට අරාජිකත්වයට ඇද වැටී තිබූ කාලයේ එරට සුලුතර ප්‍රජාව ඉලක්ක කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීමත් පසුපස සිටි බව කියන බංග්ලාදේශයේ ඉස්ලාම් අන්තවාදීන් ලෙස හඳුන්වනු ලබන ජමාටි ඉස්ලාමි සංවිධානය

උයිගර් සුලුතර ප්‍රජාවට හිංසා කිරීම හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම හෙළා දකිමින් යුරෝපා පාර්ලිමේන්තුවේදී චීනයට එරෙහිව හදිසි යෝජනාවක් සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (ටින් අංකය) සඳහා ලියාපදිංචි කිරීම් සහ ආදායම් බදු සඳහා ලියාපදිංචි කිරීම් අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගලයන් සංඛ්‍යාව 2023/24 තක්සේරු වර්ෂයේදී 868,009 දක්වා වර්ධනය වී ඇතැයි, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පවසයි.

මෙයට වසර කිහිපයකට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැඟිල්ල සඳහා ලබාදුන් රුපියල් කෝටි 63ක තැන්පතු මුදල මේ වන තෙක් ආපසු අමාත්‍යාංශයට ලබාගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.

‘ක්ලීන් ශ්‍රී ලංකා’’ නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් ඒ සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් ගොඩනඟන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා දියත්කරන මෙම ව්‍යාපෘතිය සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ ඒ සඳහා දායක විය හැකි සියලු දෙනාට දායක විය හැකි අරමුදලක් නිර්මාණය කිරීමට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කර ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website