Editor

Editor

ජර්මනියේ පැවැති Anhalt 2024 මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේ දී තත්පර 10.16ක කාලයක් සමඟින් පිරිමි මීටර 100 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (24) සමත් විය.

දකුණු ආසියානු කලාපයේ වේගයෙන් වර්ධනය වන වෙළෙඳපොළක් බවට යළිත් වරක් තහවුරු කරමින් දැවැන්ත වර්ධනයක් අත් කරගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත්ව තිබේ.

සෙනසුරාදා, 25 මැයි 2024 09:05

යොදාගත් පරිදිම LPL ඉදිරියට ඇදෙයි

තරග පාවාදීම් සම්බන්ධව ක්‍රීඩකයින්ට බලපෑම් සිදුකළේ යැයි සැකපිට දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවකු අත්අඩංගුවට පත් වුවද ලබන ජූලි මස පැවැත්වීමට සැලසුම් කර පරිදිම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට පියවර ගනු ලබන බව එහි සංවිධායක අයිතිය හිමි අයි.පී.ජී. ආයතනය නිවේදනය කර සිටියි.

රටපුරා බලපැවැත්වෙන අධික වැස්සත් සහිත මෝසම් සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගය ඇතුළු මාර්ග රැසකට ගස් කඩා වැටීමෙන් හා නොයෙකුත් අන්දමින් හානි රැසක් සිදුවී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි .

එල්පීඑල් තරගාවලියේ ක්‍රීඩකයන් වෙන්දේසිගත වූ ආකාරය සහ කණ්ඩායම් හිමිකරුවන් එක් එක් මිල ගණන් යටතේ අත්කර ගනු ලැබූ ක්‍රීඩකයන් පිළිබඳ ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ දැඩි අවධානය යොමු වී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කෙළේය.

ගෝලීය න්‍යෂ්ටික සුරක්ෂිතභාවය සහතික කිරීමේ වැදගත්කම ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය අවධාරණය කරයි.

පලස්තීන රාජ්‍යය පිළිගන්නා බව ස්පාඤ්ඤය, නෝර්වේ රාජ්‍යය සහ අයර්ලන්තය යන රටවල් තුන පසුගියදා(22) නිවේදනය කර ඇත.

ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා සමග මෙරටදී සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙක්ව මාලිගාවත්තේදී අත්අඩංගුවට පත්ව තිබේ.

බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකික, පශු ශල්‍ය වෛද්‍ය බ්‍රින් පිරතාපන්, රූපවාහිනී විශාලතම ඉවුම් පිහුම් තරඟාවලියේ 20 වැනි මාලාව අවසානයේ ජයග්‍රහණය කරමින්, මාස්ටර් චෙෆ් (MasterChef Champion 2024) හි කීර්තිමත් නාමයට හිමිකම් කීවේය.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් හරහා හමා ගිය දැඩි සුලගකින් කොත්මලේ සිට නාවලපිටිය දක්වා ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධතියක් මතට ගස් කඩා වැටිමෙන් එම අධි බලැති විදුලි රැහන් පද්ධතිය කණුව සමග කඩා වැටිමෙන් ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණ හිට ඇති බව විදුලි බල මණ්ඩලය පැවසිය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website