.ශ්‍රීලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (14) සවස උතුරු පලාතේ සංචාරයක නිරත විය.
විවිධ භාණ්ඩ හා සේවා මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැට් බද්දට අතිරේකව තවත් බදු වර්ග 16ක් අය කරමින් සිටින බව වාර්තා වෙයි.
‘ඉමියුනිග්ලොබින්’ බාල එන්නත් වංචාව සම්බන්ධයෙන් ප‍්‍රබල චරිත දෙකක්ද ඉතා නුදුරේදී අත්අඩංගුවට නියමිතව ඇතැයි සති අන්ත පුවත් පත් වාර්තා කරයි.
කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය හෙවත් LRT ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය වැය කළ වියදම ගෙවන්නේ නම් පමණක් මෙරට සිදුකරන ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව ජපානය දැනුම්දී තිබේ.
ආදායම නැති පුද්ගලයෙකු උවත් ටින් අංකය ලබාගත් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා එන පෝරමය පිරවීමට සාමාන්‍ය පුද්ගලයෙකුට නොහැකි වන අතර ඒ සදහා ආධායම් බදු උපදේශකයෙකුගේ සහය ලබාගත යුතුබවත් ඒ සදහා එක් අයෙකු අඩුම තරමේ රුපියල් දසදහසකවත් මුදලක් බදු සෑදීම සදහා ගෙවිය යුතු බවත් පූජ්‍ය ඕමල්පේ හිමියන් පවසයි.
බුද්ධා බෝයි ලෙස ලොව ප්‍රකට වූ නේපාලයේ රාම් බහදූර් බොම්ජන් ලිංගික අපයෝජන චෝදනා මත එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
දශක දෙකකට අධික කාලයක් මුළුල්ලේ සාමකාමී රාජ්‍යයක් ලෙස පැවති ස්වීඩනයේ යුද්ධයක් හටගත හැකි බැවින් ඒ සඳහා සූදානම් වන ලෙස එරට ඉහළ පෙළේ ආරක්ෂක බලධාරීන් දෙදෙනකු විසින් ජනතාවට නිකුත් කර ඇති අනතුරු ඇඟවීමක් හේතුවෙන් ස්වීඩන් ජාතිකයන් අතර දැඩි කණස්සල්ලක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.