මිනිසුන් මැරීමට තරම් විෂක් සහිත හා වගාවන් විනාශ කිරීමේ හැකියාවක් ඇති ගිනි කූඹීන් (ෆයර් ඈන්ට්ස්) නමැති කුහුඹු විශේෂය ඔස්ටේ්‍රලියාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ගංවතුර ඔස්සේ මෙම කූඹීන් ඔස්ට්‍රේලියාව පුරා ව්‍යාප්ත වෙමින් සිටින බව වාර්තා වී තිබේ.
පකිස්ථානයේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් වන ‘ජයිෂ් අල් -අඩ්ල්’ කණ්ඩායමට අයත් ස්ථාන දෙකකට ඉරානය, විසින් පෙරේදා(16) එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් කුඩා ළමුන් දෙදෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා ඇති බව පකිස්ථානය විසින් නිවේදනය කර තිබේ.
පිළිකා සෛල විනාශ කිරීම සඳහා කීමෝතෙරපි ප්‍රතිකාරයට වඩා පීඩාකාරි බවෙන් හා අතුරු ආබාධ අඩු ප්‍රතිකාරයක් ළමා පිළිකා රෝගීන් සඳහා සාර්ථකව අත්හදා බැලීමට එංගලන්ත සෞඛ්‍ය සේවය විසින් පියවර ගෙන තිබේ.
ඉකුත් වසරේදී රුපියල් කෝටි හයසියයකට (බිලියන 6) අධික ලාභයක් ලැබූ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමත්, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් (පුද්ගලික) සමාගමත් සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ විකිණීමට රජය අභිලාශ කැඳවා තිබේ.
ලෝකයේ ඉතා කලාතුරකින් වාර්තා වන අතිශය දුලබ අඩක් – පිරිමි, අඩක් – ගැහැනු පක්ෂියකු කොලොම්බියාවෙන් හමුව ඇත. මෙවැනි සොයාගැනීම් ලේඛනගත කළ විශේෂඥයන්ට අනුව වසර 100කට වැඩි කාලයක් තුළ වාර්තා වී ඇත්තේ මෙවැනි තවත් එක් සිද්ධියක් පමණි.
යේමනයේ පිහිටි හවුති කැරලිකරුවන්ගේ මිසයිල විදින මධ්‍යස්ථාන 13ක් සිය හමුදා ප්‍රහාරවලින් සම්පූර්ණයෙන් විනාශ කර දැමූ බව එංගලන්ත අගමැති රිෂි සුනක් පවසා තිබේ.
පීදෙන්නට ආසන්න තත්වයේ පැවැති වී වගාව මහවැසි සහ ගංවතුර හේතුවෙන් මුලුමනින්ම විනාශවූ බව පීඩාවට පත් පොලොන්නරුවේ ගොවීහු පවසති.
ප්‍රමිතියෙන් තොර බාල එන්නත් ගෙන්වීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඇතුළු