ඉන්දියාවේ ඊයේ සිදුවූ දුම්රිය තුනක් ගැටීමෙන් අනතුරින් මියගිය ගණන 207ක් බව අලුත්ම වාර්තා අනුව හෙළි කරයි. 900කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.අනතුර සිදුව ඇත්තේ ඔඩිෂා ප්‍රාන්තයේ බැලාසෝර් ප්‍රදේශයේදීය.
හෙට මධ්‍යම රාත්‍රියේ සිට තම සමාගමෙන් බෙදාහරින ගෑස් මිල ගණන් පහත දමන බව ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සංචාරක ක්ෂේත්රයේ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට දෙරටේ රජයන්හි අවධානය යොමුව තිබේ.
රිදීගම සෆාරී උද්‍යානයේ සිටි කැප්රියෝ නමැති අට හැවිරිදි පිරිමි බෙංගාල ව්‍යාඝ්‍රයා ඊයේ (2) මියගොස් ඇතැයි වාර්තා වේ.
මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම බව පැවසීය.
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ ඡායාරූප ශාලාවක් තුළ පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලා ව්‍යාජ ලේඛන සමග කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
කොරෝනා අඳුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ ගබඩා කර තිබූ පානදුර කිරිබේරිය දෙමහල් ගොඩනැඟිල්ලක පිහිටි ගබඩාවක ඇතිවූ විශාල ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හිරණ පොලිසිය කියයි.
ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට එක්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවි කරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල ජූනි මස 15 වැනි දින සිට රු.9000 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත
ඒ මදිවට දොස්තරලත් රට හැර යතිශල්යාගාරත් ලෙඩ ඇඳට
රෝග පරීක්ෂාවට කලින් මරණ අවදානමක්
ගම්පහ රෝහල පරිත්‍යාගශීලීන්ගෙන් බෙහෙත් යදී