සිකුරාදා, 02 ජූනි 2023 09:34

ව්‍යාජ කච්චේරියක් නාරාහේන්පිටින් අල්ලයි Featured

නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ ඡායාරූප ශාලාවක් තුළ පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලා ව්‍යාජ ලේඛන සමග කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම ලේඛන අතර රජය නිලධාරීන් ,නීතිඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ ව්‍යාජ මුද්‍රා 260, උප්පැන්න සහතික, ආදායම් බලපත්‍ර, හැඳුනුම්පත්, සේවා සහතික ඇතුළු වූ ව්‍යාජ ලේඛන රැසක් ද විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත.

මෙම ව්‍යාජ තොරතුරු දත්ත ගබඩා කර තිබූ තිබු පරිගණකයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් මේවා විවිධ මිල ගණන්වලට සකස් කර දෙන බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

 

ඉන්දිකා රාමනායක සහ ඉන්දිකා රාමනායක

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website