සිකුරාදා, 02 ජූනි 2023 09:30

කොරෝනා ඇඳුම් ගබඩාව ගිනි ගනී Featured

කොරෝනා අඳුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ ගබඩා කර තිබූ පානදුර කිරිබේරිය දෙමහල් ගොඩනැඟිල්ලක පිහිටි ගබඩාවක ඇතිවූ විශාල ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හිරණ පොලිසිය කියයි.

එම ගබඩාවේ රුපියල් කෝටි 7කට ආසන්න දේපල ගබඩා කර තිබූ බව පැවසුවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තාවක් ලබා දී නැතැයි පොලිසිය සඳහන් කරයි.

ගින්න නිවීම සඳහා හොරණ කළුතර මොරටුව හා දෙහිවල නගර සභාවල ගිනි නිවන ඒකක කැඳවා ඇත.

කොරෝනා ඇදුම් කට්ටල , මුහුණු ආවරණ , ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවේදී පළඳින ඇඳුම් පැළඳුම් ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ රැසක් එහි ගබඩා කර තිබී ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව සහාය සඳහා දෙහිවල කළුතර හා මොරටුව නගර සභාවල ගිනි නිවන ඒකක ද කැඳවූ බව හොරණ නගර සභාවේ යාන්ත්‍රික ගිනි භට පි ඩි අබේපාල මහතා පැවසීය.

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ ඇතුළු ජල බවුසර් 11 මෙන්ම ගිනි භටයන් තිහකට ආසන්න ප්‍රමාණයක් සහභාගී වී ඇත.

ගින්න ඇතිවන අවස්ථාවේදී ගොඩනැගිල්ල තුළ කිසිවකු නො සිට ඇති අතර ගින්න පිළිබඳ දැඩි සැකයක් හටගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 

බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website