සෙනසුරාදා, 03 ජූනි 2023 11:22

බෙංගාල ව්‍යාඝ්‍ර කැප්‍රියෝ මියයයි Featured

රිදීගම සෆාරී උද්‍යානයේ සිටි කැප්‍රියෝ නමැති අට හැවිරිදි පිරිමි බෙංගාල ව්‍යාඝ්‍රයා ඊයේ (2) මියගොස් ඇතැයි වාර්තා වේ.

උපතේදීම මව විසින් අත්හැර දැමූ පසු දෙහිවල සත්ත්වෝද්‍යානයේ පැටවුන් රැකබලා ගැනීමේ ඒකකයේ රැකවරණය යටතේ ඇතිදැඩි වූ කැප්‍රියෝ උපතේ සිටම ඇති වූ ආබාධවලින්ද පෙළුණු අතර 2016 වසරේ සෆාරි උද්‍යානය වෙත රැගෙන එන ලදි. එතැන් සිට පුරා වසර හතක් සෆාරි උද්‍යානයේ බෙංගාල ව්‍යාඝ්‍රයන් සඳහා වූ විවෘත කලාපයේ තවත් බෙංගාල ව්‍යාඝ්‍රයන් සිව් දෙනකු සමගකැප්‍රියෝ දිවි ගෙවීය.

මිය යන අවස්ථාව වන විට උපතින්ම ඇති වූ ආබාධ හැර වෙනත් අසනීප තත්ත්වයකින් කැප්‍රියෝ පසු වූයේ නැතැයි සත්ත්වොද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කැප්‍රියෝගේ මරණය පිළිබඳ අපක්ෂපාති මරණ පරීක්ෂණයක් ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් මේ වන විට ක්‍රියාත්මක බවද සත්ත්වොද්‍යාන දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

 DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website