Editor

Editor

රටේ දේශපාලන තත්ත්වය සහ ආණ්ඩුවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර සතිපතා සිදුවන විශේෂ හමුවීම් සඳහා තවත් දේශපාලනඥයන් පැමිණීම හේතුවෙන් එම ද්විපාර්ශ්වික සාකච්ඡා බිඳ වැටෙන තත්ත්වයකට පත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

විදේශගත වී සිට ලංකාවට යළි පැමිණි ශ්‍රමිකයන් සහ සේවයේ නියුතු විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයින් ඒකරාශී කරගනිමින් ශ්‍රී ලංකාව තුළ නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමට කටයුතු කරන බවත්

උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආණ්ඩුව විසින් දේපල මත පණවන බද්ද ( ධන බද්ද) 2025 අප්‍රේල් සිට ක්‍රියාත්මක කිරීමට සුදානම් බව පසුගියදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළ අතර මුදල් අමාත්‍යංශය විසින් එම බදු අයකිරීම ප්‍රථම නිවාසයෙන් නොව කුලියට ලබාදී ඇති නිවාස වලින් පමණක් අයකරන බව නිවේදනය කළද එය පිළිනොගන්නා බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි.

අමෙරිකාවේ ළාබාලතම උපාධිධාරියා ලෙස ඉන්දීය සම්භවයක් සහිත 12 හැවිරිදි සිසුවකු නිව්යෝක් නුවර මැල්වර්න් උසස් විද්‍යාලයෙන් උපාධිය ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙවර (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත් කැඳවීම ජූලි 10 දා දක්වා සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website