ඉරිදා, 23 ජූනි 2024 08:46

රනිල් – බැසිල් හවුල අවුලක! Featured

රටේ දේශපාලන තත්ත්වය සහ ආණ්ඩුවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර සතිපතා සිදුවන විශේෂ හමුවීම් සඳහා තවත් දේශපාලනඥයන් පැමිණීම හේතුවෙන් එම ද්විපාර්ශ්වික සාකච්ඡා බිඳ වැටෙන තත්ත්වයකට පත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

පසුගිය සතියේ පැවැති එවැනි හමුවක් සඳහා ජනාධිපතිවරයා ඔහුට හිතවත් පොදුජන පෙරමුණේ ප්‍රබලයකු වන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔහුට හිතවත් දුමින්ද දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර මෙන්ම වජිර අබේවර්ධන ඇතුළු තවත් පිරිසක් ද සහභාගි වී ඇත.

බැසිල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් ද අප්‍රසාදය පළකර ඇති අතර එහිදී, බැසිල් රාජපක්ෂ සහ ඇමැති ප්‍රසන්න රණතුංග අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුව ඇතැයි වාර්තා වේ.

සාකච්ඡාව අතරතුරේදී, ඉදිරි ජනාධිපතිවරණය සඳහා පුළුල් සන්ධානයක් සෑදීමටත් ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගි කර ගත්ත ද රාජපක්ෂවරුන් එක්කර නොගත යුතු බවටත් ඉල්ලීමක්, ජනපති සමග එක්වීමට අපේක්ෂා කරන පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත්ව ඇතැයි ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර තිබේ.

එම ප්‍රකාශයට බැසිල් රාජපක්ෂ කෝප වී ඇති අතර රාජපක්ෂවරුන් මේ ආකාරයට පාලනයට කිරීමට තමන් ඉඩ නොදෙන බවත් පවසා ඇති ඔහු, ‘ඔහේට අපිව එක් වරක් එපානං, අපිට ඔහේව සිය වතාවක් එපා’ යැයි ද පවසා තිබේ.

මෙවැනි කතාවලින් සිදුවන්නේ ජනාධිපතිවරයා සමග ඇති කර ගත් හොඳ හිත පළුදුවීමක් බව ද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

අකිත පෙරේරා

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website