සෙනසුරාදා, 22 ජූනි 2024 08:56

උ/පෙළ අයදුම්පත් ඔන්ලයින් ඔස්සේ ජූලි 10 දා දක්වා Featured

මෙවර (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත් කැඳවීම ජූලි 10 දා දක්වා සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

අයදුම්පත් කැඳවනු ලබන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ වන අතර, රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් තමන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා මඟින්ද පෞද්ගලික අයදුම්කරුවන් ඔවුන් විසින්මද අයදුම්පත් යොමු කළ යුතු බවද ඒ මහතා කියා සිටියේය.

අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් නියමිත දිනට පෙර විභාගය සඳහා අයදුම් කිරීමට කටයුතු කරන ලෙස ඒ මහතා අවධාරණය කළේය.

සුභාෂිණී සේනානායක

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website