අඟහරුවාදා, 22 අගෝස්තු 2023 16:47

හෙට සඳ දෙස ලොවම බලා සිටී Featured

මෙතෙක් ගවේෂණය කර නොමැති සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ගවේෂණය කිරීමේ අරමුණින් අභ්‍යවකාශගත කර ඇති ”‍චන්ද්‍රයාන් -3 ”‍ නමැති ඉන්දීය අභ්‍යවකාශ යානය හෙට සඳ මතට ගොඩ බස්වමින් සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබැස්වූ ප්‍රථම අභ්‍යවකාශ යානය ලෙස ඉතිහාසගත වීමට අවශ්‍ය සියලු‍ කටයුතු යොදා ඇති බව ඉන්දීය අභ්‍යවකාශ පර් යේෂණ මධ්‍යස්ථානය විසින් නිවේදනය කරයි.

”‍චන්ද්‍රයාන් -3 ”‍ යානය හා තරඟ කරමින් සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බැස්වීමේ අරමුණින් ඉකුත් අගෝස්තු 10 වැනිදා අභ්‍යවකාශගත කර තිබු රුසියාවට අයත් ”‍ලු‍නා-25 ”‍ අභ්‍යවකාශ යානය ගොඩ බැස්වීමට පෙර සඳෙහි කඳුකර ප්‍රදේශයකට කඩා වැටීම හේතුවෙන් ඉන්දීය යානයට සාර් ථක ලෙස ගොඩ බැස්වීමකට යා හැකි වේදැයි යන්න පිළිබඳව මේ වන විට ලෝකයාගේ අවධානය යොමුව තිබේ .කෙසේ වුවද ඉන්දීය අභ්‍යවකාශ පර් යේෂණ මධ්‍යස්ථානය පවසනුයේ චන්ද්‍රයාන් යානයේ සියලු‍ පද්ධතීන් ඉතා හොඳින් ක්‍රියාත්මක වීම හේතුවෙන් එය ගොඩ බැස්වීමේදී කිසිදු හදිසි අවස්ථාවක් හටගනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි .යම් හෙයකින් චන්ද්‍රයාන් -3 අභ්‍යවකාශ යානය සාර්ථක අයුරින් සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබැස් වුවහොත් ඉන්දියාවට අභ්‍යවකාශ ගවේෂණයෙහි බලවතෙකු වීමට මෙන්ම ඉන්දීය අභ්‍යවකාශ පර් යේෂණ මධ්‍යස්ථානයට ලෝක මට්ටමින් ගෞරවයක් නිර් මාණය වීමටත් එය මගපාදනු ඇති බව හිටපු ඉන්දීය අභ්‍යවකාශ විද්‍යාඥයෙකු වන මනිෂ් පුරෝහිත් පවසා තිබේ . චන්ද්‍රයාන් -3 යානය සඳට යැවීමේ මෙහෙයුම සඳහා වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් බිලියන 6.15කි (ඇමරිකානු ඩොලර් මිලියන 74ක්).

 

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website