බ්‍රහස්පතින්දා, 31 අගෝස්තු 2023 07:39

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය පාකිස්ථානයට Featured

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පකිස්ථානය සහ නේපාලය අතර පකිස්ථානයේ මුල්තාන් හිදී ඊයේ රාත්‍රියේ පැවති පන්දු වාර 50 ක්‍රිකට් තරගයේ දී ලකුණු 238ක ජයක් හිමි කර ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුව පන්දුවට පහර දුනි. එහිදී පකිස්ථානය සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 342ක් ලබා ගැනීමට සමත් විය. ඉෆ්තික්හාර් අහමඩ් නොදැවී 109,බාබ්රා අසාම් 151 සහ මොහොමඩ් රිස්වාන් 44 යි.ජයග්‍රහණය සදහා ලකුණු 343ක ඉලක්කයක් හඹා ගිය නේපාල කණ්ඩායමට පන්දුවාර 23.4කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 104කි.ෂදාබ් ඛාන් 27/4යි.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website