අඟහරුවාදා, 07 නොවැම්බර් 2023 11:55

පලස්තීනය ඇමෙරිකාවෙන් සටන් විරාමයක් ඉල්ලයි Featured

මැදපෙරදිග සංචාරයක නිරතව සිටින ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පලස්තීනයට අයත් බටහිර ඉවුරේදී මුණගැසී ඇති පලස්තීන ජනාධිපති මෙහමුද් අබ්බාස් ගාසා තීරයේ පවතින යුද්ධය සඳහා කඩිනම් සටන් විරාමයක් අවශ්‍යව ඇති බව පවසා ඇති අතර

ඇමෙරිකාවට අවශ්‍යව ඇත්තේ සටන් විරාමයක් නොව යුද්ධයට කොටු වී සිටින ජනතාවට ඉවත් වීම සඳහා වන මානුෂීය ප්‍රවේශයක් බව රාජ්‍ය ලේකම්වරයා පවසා තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් බ්ලින්කන් හා පලස්තීන ජනාධිපතිවරයා අතර පැයකට අඩු කාලයක් පැවැත්වී ඇති සාකච්ඡාවලදී පලස්තීන ජනාධිපති අබ්බාස් ගාසා තීරයේ සමූල ඝාතනයක් සිදුවන බව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඊශ්‍රායල – හමාස් යුද්ධය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් මත දෙකක සිටින ඇමෙරිකානු රාජ්‍ය ලේකම් බ්ලින්කන් හා පලස්තීන ජනාධිපතිවරයා අදාළ සාකච්ඡාවේදී ඉදිරිපත් කර තිබූ කරුණුවලින් ඔවුන් අතර පවතින වෙනස්කම් හා එකඟ නොවීම් මනාව පැහැදිලි වී ඇති බව පෙන්වා දෙන බටහිර විචාරකයන් සාකච්ඡාවෙන් අනතුරුව දෙපාර්ශ්වයෙන්ම ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමක් හා නිවේදන නිකුත් කිරීමක් සිදුව නොතිබීමෙන් ඒ බව සනාථ වන බව අවධාරණය කර තිබේ. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය මැදපෙරදිග සංචාරයේදී ඉරාකය හා සයිප්‍රසය යන රටවල නායකයන්ද හමු වී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website