බදාදා, 20 දෙසැම්බර් 2023 10:13

ඉන්දීය විපක්‍ෂ මන්ත්‍රීවරු 141කට පාර්ලිමේන්තුව තහනම් Featured

ඉන්දීය පාර්ලිමේන්තුවට (ලෝක් සභා) පසුගිය සතියේ බාහිර පුද්ගලයන් දෙදෙනකු කඩාවැදීමේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවේ ආරක්‍ෂාව බිඳවැටී ඇති බව පවසමින් විරෝධතාවයේ යෙදුණු ඉන්දීය විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 141 දෙනකුට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම අත්හිටුවීමට එරට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව විසින් පියවර ගෙන ඇත.

මේ යටතේ ඉකුත් 18 වැනිදා පමණක් විරෝධතාවයේ යෙදුණු විපක්‍ෂ මන්ත්‍රීවරුන් 78 දෙනකු පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. මෙම ඉන්දීය විපක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම මෙම සිකුරාදා දක්වා අත්හිටුවා ඇතැයි ඉන්දීය රජය පවසයි.

ඉකුත් සතියේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත් වෙමින් තිබිය දී පුද්ගලයන් දෙදෙනකු වර්ණවත් දුමක් වැනි යමක් විදිමින් පාර්ලිමේන්තු ශාලාවට කඩාවැදීමේ අවස්ථාව උදාකර දීමෙන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය ප්‍රජාතන්ත්‍රවාදයට පහර දීමක් සිදුකර ඇති බව විපක්‍ෂයේ මතය වී ඇත.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website