බදාදා, 14 පෙබරවාරි 2024 10:02

ඊශ්‍රායලයට යුධෝපකරණ සැපයුම නැවැත්වීමට නෙදර්ලන්ත අධිකරණයෙන් නියෝගයක් Featured

ඊශ්‍රායලයේ එෆ්.35 වර්ගයේ ප්‍රහාරක ගුවන්යානා සඳහා අමතර කොටස් සැපයුම වහාම නවත්වන ලෙස නෙදර්ලන්ත අභියාචනාධිකරණය එරට රජයට නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නෙදර්ලන්ත අභියාචනාධිකරණය මේ නියෝගය නිකුත් කර ඇත්තේ මානව හිමිකම් උල්ලංඝනය කරමින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා එම ප්‍රහාරක ගුවන් යානා භාවිත කළ බවට අවධානය යොමු කරමින් බව ද වාර්තා වේ.

අභියාචනාධිකරණයට එම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ නෙදර්ලන්තයේ මානව හිමිකම් සංවිධාන කිහිපයක් විසිනි.

dm

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website