ඒ සඳහා නාසා ආයතනයේ පූර්ණ අනුග්‍රාහකත්වය ලැබී තිබූ බව ද වාර්තා වේ.
රොකට්ටුවේ රොබෝ ලෑන්ඩරය සාර්ථකව සඳ මත පතිත වූ බව එම සමාගමේ ගුවන් අධ්‍යක්ෂ ටිම් ක්‍රේන් නිවේදනය කර ඇති අතර, එය ලොව පළමු පෞද්ගලික සමාගමක සඳ තරණය මෙන්ම වසර 1972න් පසු අමෙරිකාව සඳ තරණය කළ පළමු අවස්ථාව ලෙසත් ඉතිහාසයට එක් විය. පසුගිය 15 වැනිදා කැලිෆෝනියාවේ කැනවරල් තුඩුවේ පිහිටි කෙනඩි අභ්‍යකාශ මධ්‍යස්ථානයේ සිට ගමන් ආරම්භ කළ එම රොකට්ටුවේ රොබෝ ලෑන්ඩරය මගින් ඉදිරියේදී චන්ද්‍රයා පිළිබඳ තවත් තොරතුරු රැසක් ලොවට හෙළි වනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.
DMN