බදාදා, 06 මාර්තු 2024 08:12

ජංගම දුරකතනයෙන් ඉන්දීය-එංගලන්ත ක්‍රිකට් තරගය නැරඹූ රියැදුරන් මාර්ග සංඥා නොතකා ධාවනය කරලා Featured

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේදී පසුගිය වසරේ අගභාගයේ සිදු වූ මාරක දුම්රිය අනතුරට හේතුව එහි රියැදුරන් සිය ජංගම දුරකතන ඔස්සේ ඉන්දීය පිල සහභාගි වූ ක්‍රිකට් තරගයක් නැරඹීම බව එරට දුම්රිය සේවා ඇමැති ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

පසුගිය ඔක්තෝබරයේ 29 වැනිදා අන්ද්‍රා ප්‍රාන්තයේ විසියන්ගරම් දිස්ත්‍රික්කයේදී මගී දුම්රිය දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයන් 14 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් පුද්ගලයන් 50කට අධික පිරිසක් තුවාල ලැබූ බව වාර්තා විය.

ඉන්දීය දුම්රිය සේවා ඇමැති අශ්විනි වෛෂ්නව් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දුම්රිය රියැදුරන් දෙදෙනා එදින එක්දින ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දීය පිල සහ එංගලන්ත පිල අතර පැවැති ක්‍රිකට් තරගය සිය ජංගම දුරකතන මගින් නරඹමින් සිටි බැවින් දුම්රිය සංඥා කෙරෙහි අවධානය යොමු නොකිරීම නිසා අනතුර සිදු වූ බවට විමර්ශන වාර්තාවෙන් අනාවරණය වී ඇති බවය. අනතුරින් දුම්රිය රියැදුරන් දෙදෙනා ද ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website