ඉරිදා, 10 මාර්තු 2024 13:22

ලෝකේ ලස්සනම කෙල්ල චෙක් ජනරජයෙන් Featured

2024 වසරේ ලෝක රූ රැජින කිරුළ හිමි කර ගැනීමට චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් ඊයේ (9) සමත් විය.

71 වන ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවේ මුම්බායිහිදී ඊයේ රාත්‍රී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි. මෙම තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වුණේ වසර 28කට පසුවය.

තරගාවලිය සඳහා රටවල් 115ක තරගකාරිනියන් සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තරගාවලියේ අනුශූරිය ලෙස ලෙබනනයේ යෂ්මිනා සයිටූන් තේරී පත් වුණා.

තරගාවලියේ සත්කාරකත්වය දැරූ ඉන්දියාව නියෝජනය කළ 22 හැවිරිදි සිනී ෂෙට්ටි තරගාවලියේ පළමු 08 දෙනා අතරට තේරී පත් වීම වි‍ශේෂත්වයකි.

ලෝක රූ රැජිණ කිරුළ හිමිකරගත් ක්‍රිස්ටිනා පිස්කෝවා 23 හැවිරිදි වියේ පසුවේ. ඇය නීතිය , ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරිනියකි.

චෙක් ජන රජය ලෝක රූ රැජිණ කිරුළ අවසන් වරට දිනාගෙන තිබුණේ 2006 වසරේදීය.

bbghgg

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website