සදුදා, 11 මාර්තු 2024 08:56

ඩුබායි නුවර ගංවතුරෙන් යට වෙයි Featured

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර ගංවතුරෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩුබායි ඇතුළු මැදපෙරදිගට වර්ෂාව සහ ගංවතුර ඉතා දුර්ලභ සිදුවීම් බැවින් ඩුබායි ගංවතුරට ජාත්‍යන්තර අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වේ.

එම ගංවතුර තත්ත්වය හටගෙන ඇත්තේ පසුගිය සති අන්තයේදී එමිරේට්ස් රාජ්‍යයේ ප්‍රාන්ත කිහිපයකට ඇද වැටුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බවත්, ඩුබායි නුවර වැසියන්ට නිවාසවලින් පිටතට නොයන ලෙස උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.

පසුගිය සෙනසුරාදා අඛණ්ඩව පැය 6ක කාලයක් වර්ෂාව ඇද හැලීමෙන් ඩුබායි නුවර නිවාස, ගොඩනැඟිලි සහ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි ද, මෝටර් රථ විශාල ප්‍රමාණයක් ද ගංවතුරට හසු වී ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කළේය.

DN  

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website