අඟහරුවාදා, 02 අප්‍රේල් 2024 10:04

ඉම්රාන්ගේ වසර 14ක සිර දඬු­වම අත්හි­ටු­වයි Featured

අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කරද්දී විදෙස් රාජ්‍ය නාය­ක­ය­න්ගෙන් සහ තානා­ප­ති­ව­රු­න්ගෙන් ලැබුණු මිල අධික තෑගි භාණ්ඩ භාණ්ඩා­ගා­ර­යට ලබා­දීම වෙනු­වට සිය හිත­ව­තුන් අතර බෙදා­දී­මෙන් සහ අලෙවි කිරී­මෙන්

පාකි­ස්තාන රුපි­යල් මිලි­යන 140ක මුද­ලක් අයුතු ලෙස උපයා ගැනීමේ චෝද­නා­වට වර­ද­කරු වී වසර 14ක සිර දඬු­වම් විඳි­මින් සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන්ගේ සිර දඬු­වම අත්හි­ටු­වී­මට ඉස්ලා­මා­බාද් නුවර මහා­ධි­ක­ර­ණය ඊයේ නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු සමඟ එක්ව එම තෑගි භාණ්ඩ අලෙවි කළ බවට චෝදනා එල්ල වී සිටි ඔහුගේ බිරිය බුෂ්රා බීබීට ද වසර 14ක සිර දඬු­වම් නියම කර තිබූ අතර, දෙදෙ­නාගේ සිර දඬු­වම රාම­ලාන් උප­වාස සමය අව­සන් වීමෙන් පසු තීර­ණ­යක් ගන්නා තුරු අත්හි­ටු­වන බව ඉස්ලා­මා­බාද් මහා­ධි­ක­ර­ණය නියෝග කර තිබේ.

ඉම්රාන් ඛාන් වසර 2018 සිට 2022 දක්වා කාලය ඇතු­ළත පාකි­ස්තා­නයේ අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ අතර, එම කාලය තුළ ඔහුට සහ බිරි­යට විදෙස් රාජ්‍ය නාය­ක­ය­න්ගෙන් සහ තානා­ප­ති­ව­රු­න්ගෙන් ත්‍යාග 108ක් ලැබී ඇතැයි ද වාර්තා වේ. ඉම්රාන්ට සහ බිරි­යට සිර දඬු­ව­මට අම­ත­රව පාකි­ස්තාන රුපි­යල් මිලි­යන 787ක දඩ­යක් ද නියම කර ඇති අතර, දෙදෙ­නා­ටම වසර 10ක කාල­ය­කට රජයේ කිසිදු තන­තු­රක් දැරීම ද තහ­නම් කිරී­මට අධි­ක­ර­ණය මීට පෙර පිය­වර ගෙන තිබිණි.

DMN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website