බදාදා, 10 අප්‍රේල් 2024 07:50

වසර 7කට පසු උදා වූ පූර්ණ සූර්යග්‍රහණය උතුරු අමෙරිකානුවෝ මිලියන 32ක් නරඹති Featured

වසර 7කට පසු උතුරු අමෙරිකානු මහාද්වීපය දිවා කාලයේ අඳුරට හරවමින් පෙරේදා සිදු වූ පූර්ණ සූර්යග්‍රහණය මෙක්සිකෝව, කැනඩාව සහ අමෙරිකාවේ ප්‍රාන්ත 15ක මිලියන 32කට වැඩි පිරිසක් දැක බලා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාවට නැවත පූර්ණ සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමේ අවස්ථාව උදා වන්නේ 2044 දී බැවින් පෙරේදා සූර්යග්‍රහණය අමෙරිකානු ජනතාව උත්සවශ්‍රීයෙන් සැමරූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. වසර 2026 අගෝස්තුවේ 12 වැනිදා සිදුවන මීළඟ පූර්ණ සූර්යග්‍රහණය ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය සහ ස්පාඤ්ඤය හරහා සිදුවන බවට වාර්තා වේ. පැසිෆික් සාගරයෙන් ආරම්භ වූ මෙවර සූර්යග්‍රහණය අනතුරුව මෙක්සිකෝව හරහා අමෙරිකාවට ද, ඩලස්, ටෙක්සාස් ඇතුළු ප්‍රාන්ත රැසක් අඳුරු කරමින් කැනඩාවට ද උදා වූ බව වාර්තා වේ.

වොෂින්ටන් ඩීසී සහ නිව්යෝක් නගරයට සූර්යග්‍රහණය දිස් වූයේ 90%කින් පමණ වැසී ඇති අවස්ථාවකදී බවත්, ජනතාව උස් ගොඩනැඟිලි සහ වීදිවල සිට එය දැකබලා ගත් බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. වසර 2017න් පසු උතුරු අමෙරිකාවේ විශාල ප්‍රදේශයක් ආවරණය කළ පළමු සූර්යග්‍රහණය මෙය බැවින් ලක්ෂ සංඛ්‍යාත ජනතාව ආරක්ෂිත අව් කණ්ණාඩි පැලඳ එය දැකබලා ගැනීමට වීදි පුරා එක්රොක් වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website