බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2024 09:54

බීමත්ව රිය පැදවීමේ වරදට හසු වූ බෙල්ජියම් ජාතිකයාගේ සිරුරේ ඇල්කොහොල් නිපදවීමේ දුර්ලභ රෝගයක් Featured

බීමත්ව රිය පැදවූ බවට චෝදනා එල්ලවීමෙන් අත්අඩංගුවට ගනු ලැබු බෙල්ජියම් ජාතිකයකු සිරුරෙන් ඇල්කොහොල් නිපදවන දුර්ලභ රෝගි තත්ත්වයෙන් පසුවන්නකු බව තහවුරු වීමෙන් නිදහස ලබා ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

ස්වයං ඇල්කොහොල් සහලක්ෂණය (ඒබීඑස්) නමැති දුර්ලභ රෝගියකු බව අධිකරණයේදී ඔහුගේ නීතිඥවරයා වෛද්‍ය සහතික ඉදිරිපත් කරමින් තහවුරු කර ඇතැයි ද සීඑන්එන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

ස්වාධීන වෛද්‍යවරු තිදෙනකු විසින් ඔහු පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු එය තහවුරු කර ඇති අතර, එය බෙල්ජියමේ නඩු ඉතිහාසයේ විමතිය දනවනසුලු නඩු විභාගයක් බවට ද පත් වී ඇතැයි වාර්තා වේ. අධිකරණයේදී හෙළි වූ විශේෂිතම කරුණ වී ඇත්තේ ඔහු ස්කාගාරයක සේවයේ නියුතු පුද්ගලයකු වීමය.

DVN

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website