සදුදා, 20 මැයි 2024 11:43

ඉරාන රජය හදිසි රැස්වීමක් කැදවයි – රාජ්‍ය නාලිකා ප්‍රවෘත්ති සමඟ යාඥාවන් විකාශනය කරයි Featured

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය ගිය බව නිවේදනය කිරීමෙන් පසු ඉරාන රාජ්‍ය විකාශකයින් ඔවුන්ගේ ප්‍රවෘත්ති විකාශන අතර ඉස්ලාමීය යාඥාවන් විකාශනය කරයි.

ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේදී ඔවුන් ගමන් කළ හෙලිකොප්ටරය කඩා වැටීමෙන් ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මිය ගිය බව නිල වශයෙන් අද නිවේදනය කළේය.

ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA ට අනුව, ඉරාන රජය අද(20) “හදිසි රැස්වීමක්” කැඳවා ඇත.

IRNA විසින් බෙදා ගන්නා ලද ඡායාරූපයකින් පෙන්නුම් කළේ සාමාන්‍යයෙන් රයිසි වාඩි වී සිටින පුටුව හිස්ව ඇති අතර ජනාධිපතිවරයා සිහිපත් කිරීම සඳහා කළු ලෑල්ලකින් එය ආවරණය කර ඇති බවයි.

මේ අතර ඉරාන කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු උපුටා දක්වන ඉරානයේ අර්ධ නිල Tasnim පුවත් වලට අනුව, ඉරානයේ කොටස් වෙලඳපොල ද සඳුදා වසා දමා ඇත.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website