ඉරිදා, 26 පෙබරවාරි 2023 22:51

ඔස්ට්‍රේලියාව 6 වැනි වරටත් T20 කාන්තා ලෝක කුසලානය දිනා ගනී Featured

ඔස්ට්‍රේලියාව 6 වැනි වරටත් පන්දුවාර 20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් කිරුළ දිනා ගත්තේ ය.

ඒ, අවසන් තරගයේ දී සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහි තරගය ලකුණු 19කින් ජය ගනිමිනි.

කේප්ටවුන්හි දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියාවේ ආරම්භක කඩුල්ල ලකුණු 36කදී බිඳ වැටුණු අතර ඇලීසා හීලි ලකුණු 18ක් ලබා ගත් අතර ඈෂ්ලි ගාඩ්නර් ලකුණු 29ක් රැස් කළාය.

නායිකා මෙග් ලැනින් ලකුණු 10කට පිටියෙන් ඉවත් වූ අතර ඔස්ට්‍රේලියා ඉනිමේ බර කරට ගත් ආරම්භක පිතිකරු බෙත් මූනි පන්දු 53කින් 4 පහර 9ක් සහ 6 පහරක්ද සමගින් නොදැවී ලකුණු 74ක් රැස් කිරීමට සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව කඩුලු 6කට ලකුණු 156ක් රැස් කළ අතර දකුණු අප්‍රිකා පිළිතුරු ඉනිමේ මුල් පෙළ කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 54කදීයි.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website