ඉරිදා, 02 ජූනි 2024 15:41

අදින් ඇරඹෙන T20 ක්‍රිකට් වසන්තය Featured

2024 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාවේ සම සත්කාරකත්වයෙන් අද(02) ආරම්භ වනවා.

මෙවර තරඟාවලිය සඳහා රටවල් 20ක් කාණ්ඩ හතරක් යටතේ තරඟවදින අතර 'A' කාණ්ඩයට පාකිස්තානය, ඉන්දියාව, කැනඩාව, අමෙරිකාව සහ අයර්ලන්තය ඇතුළත් වනවා.

'B' කාණ්ඩයෙන් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ ඕමානය තරඟ වදිනවා. 'C' කාණ්ඩයෙන් තරඟ වදින්නේ නවසීලන්තය, බටහිර ඉන්දිය කොදෙව්, ඇෆ්ගනිස්ථානය, පැපුවා නිව්ගිනියාව සහ උගන්ඩාවයි. 'D' කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය සහ නෙදර්ලන්තය තරඟ වදිනවා.

විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ කරමින් අද(02) දිනයේදී මූලික වටයේ තරඟ දෙකක් පැවැත්වීමට නියමිත අතර ඒ අනුව අමෙරිකාව කැනඩාව සමගින් ද බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පැපුවා නිව්ගිනියාව සමගින් ද හෙට තරඟ වැදීමට නියමිතයි.

'D' කාණ්ඩයෙන් තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන මූලික වටයේ පලමු තරඟය දකුණු අප්‍රිකාවට එරෙහිව ජුනි මස 03 වනදා නිව්යෝර්ක් හිදී පැවැත්වෙනවා.

n.lk

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website