ඉරිදා, 16 ජූනි 2024 09:13

කුවේට් රාජ්‍යයේ ගින්නෙන් මියගිය ඉන්දීය ජාති­ක­යන්ගේ මළ සිරුරු යළි ඉන්දි­යා­වට Featured

අග­මැති මෝදි­ගෙන් ශෝක ප්‍රකා­ශ­යක්

කුවේට් රාජ්‍යයේ නේවා­සික ගොඩ­නැ­ඟි­ල්ලක් පසු­ගි­යදා ඇති වූ ගින්නට හසුවී ජීවි­ත­ක්ෂ­යට පත්වූ ඉන්දීය ජාති­ක­යන් 45 දෙන­කාගේ මෘත දේහ ඉන්දීය ගුවන් සමා­ග­මට අයත් විශේෂ ගුවන්යාන­ය­කින් යළි ගෙන ඒමට ඉන්දීය රජය පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කුවේට් රාජ්‍යයේ මංගෆ් නුවර පිහිටි මහල් 6ක ගොඩ­නැ­ඟි­ල්ලක මුළු­තැ­න්ගෙ­යක එම ගින්න හට­ගෙන තිබූ අතර, අනා­ර­ක්ෂිත අයු­රින් විදුලි පරි­පථ සවි කිරීමේ චෝද­නා­වට එම ගොඩ­නැ­ඟිල්ලේ හිමි­ක­රු­වන් කුවේට් පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බව ද වාර්තා විය.

ගොඩ­නැ­ඟිල්ලේ ගින්නෙන් ඉන්දීය ජාති­ක­යන් 45 දෙනකු මියගිය බවට වාර්තා වීමෙන් පසු ඒ පිළි­බඳ සොයා බැලී­මට සහ අවශ්‍ය කට­යුතු ක්‍රියා­ත්මක කිරී­මට ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි කුවෙට්හි ඉන්දීය තානා­පති කාර්යා­ල­යට උප­දෙස් දුන් බවත්, මියගිය අයගේ පවුලේ සාමා­ජි­ක­යන් වෙත සිය ශෝකය පළ කළ බවත් ඉන්දීය මාධ්‍ය සඳ­හන් කළේය. පුද්ග­ල­යන් 160 දෙනකු පමණ පදිං­චිව සිටි එම ගොඩ­නැ­ඟිල්ලේ ගින්නෙන් තවත් 50කට වැඩි පිරි­සක් තුවාල ලබා තිබූ අතර, දැඩි පරි­ශ්‍ර­ම­ය­කින් පසු ගිනි නිවන හමු­දාව ගින්න මැඬ පවත්වා තුවාල ලැබු­වන් කඩි­න­මින් රෝහ­ල්ගත කිරී­මට ද පිය­වර ගෙන තිබේ.

DMN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website