බදාදා, 26 ජූනි 2024 08:48

සඳෙන් පස් අරන් චීන ගවේෂණ යානය යළි එයි Featured

සඳෙහි මෙතෙක් ගවේෂණය නොකළ අඳුරු ප්‍රදේශයෙන් පස් සාම්පල කිලෝග්‍රෑම් 2ක් රැගෙන ඒම සඳහා චීනය විසින් සඳ වෙත යවනු ලැබූ චැංග් ඊ – 6 රොකට්ටුවේ රොබෝ ගවේෂණ යානය ඊයේ සාර්ථකව යළි පෘථිවියට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊයේ‍ ෙමොංගෝලියාවේ කාන්තාරයකට පතිත වූ චැංග් ඊ- 6 මාස දෙකකට ආසන්න කාලයක් සඳ මත මෙහෙයුම් කටයුතුවල නිරත වූ බව ද වාර්තා වේ.

සඳ මත ඇති සම්පත් සහ ඒවා මිනිස් වාසයට කෙතරම් දුරට සුදුසු වන්නේ දැයි මේ පස් සාම්පල පරීක්ෂණ මගින් සොයා ගැනීමට ජාත්‍යන්තර විද්‍යාඥයන් නොඉවසිල්ලෙන් යුතුව බලා සිටින බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. සඳෙහි ඉතා දුරස්ථ කලාපයේ අඳුරු ප්‍රදේශයේ ගවේෂණය කිරීම තාක්ෂණිකව අභියෝගයක් බවට පත්වී තිබූ අතර, චීනය එය සාර්ථකව සිදු කර ඇත. එම පස් සාම්පල මගින් සඳෙහි ජල සම්පත්, ඔක්සිජින් සහ හයිඩ්‍රජන් තිබේදැයි පරීක්ෂණ ඔස්සේ සොයා ගත හැකිවනු ඇතැයි විද්‍යාඥයන් විශ්වාසය පළ කර තිබේ.

DM

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website