මෙම දිනවල කේරළ ප්‍රාන්තයට ඇදහැළෙන ධාරානිපාත වැසි හේතුවෙන් හටගෙන ඇති මෙම දැවැන්ත නායයෑම්වලින් විපතට පත්ව සිටි 250 දෙනකු පමණ බේරාගෙන ආරක්ෂිත ප්‍රදේශ කරා ගෙනයෑමට බලධාරීන් විසින් පියවර ගෙන තිබූ බව වාර්තා වේ.
ඊයේ උදෑසන කාලයේ කඳුකර ප්‍රදේශයක් වන වයනාඩ් දිස්ත්‍රික්කයේ හටගෙන ඇති මෙම නායයෑම් නිසා කඩා වැටුණු පස් කඳුවලට යටවී සිටින පිරිස් සොයා සිදු කෙරෙන මෙහෙයුම්වලට සහාය වීම සඳහා ඉන්දීය හමුදාව සිය භටයන් 200 කට අධික පිරිසක් ව්‍යසනය සිදු වූ ප්‍රදේශවලට යවා ඇති බවද වාර්තා විය. වයනාඩ් දිස්ත්‍රික්කයේ මුණ්ඩක්කායි, අට්ටමලා, චුරල්මලා හා කුන්හොම් ඇතුළු ප්‍රදේශ ගණනාවක සිදුව ඇති මෙම නායයෑම් හේතුවෙන් නිවාස විශාල ප්‍රමාණයක් විනාශ වී ගොස් ඇති අතර මඩ මිශ්‍රිත ජලය මාර්ගවලට ගසා ගෙන ඒම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා පැමිණ ඇති බව වාර්තා වේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ


