අඟහරුවාදා, 06 අගෝස්තු 2024 13:44

බංගලාදේශ හිටපු අගමැතිනිය නිදහස් කිරීමට නියෝග Featured

මේ වන තෙක් බන්ධනාගාරගතව සිටි බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය සහ ප්‍රධාන විපක්ෂ නායිකාවවන ඛලීඩා ෂියා නිදහස් කිරීමට එරට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂාබ්දීන් සිරගතව සිටින විපක්ෂයේ සියලු දේශපාලඥයින් ඇතුළු ක්‍රියාකාරීන් ද නිදහස් කරන ලෙසට නියෝග කර තිබේ.

දෙවරක් බංග්ලාදේශයේ අගමැති වූ ඛලීඩා ෂියා, 2018 වසරේ දී එල්ල වූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර 17 ක සිරදඬුවමකට යටත්ව සිටියි. අනාථ නිවාස භාරයක් සඳහා වූ පරිත්‍යාග වශයෙන් ඩොලර් 250,000ක් පමණ මුදලක් අවභාවිත කරමින් ඇයගේ බලය අනිසි ලෙස භාවිත කළ බවට චෝදනා ඇයට එල්ල වී තිබුණි.

මේවන විට 78වැනි වියෙහි පසුවන ඇය දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර රෝහල් ගතව සිටී.

බංග්ලාදේශයේ පවතින නොසන්සුන්තාව හේතුවෙන් ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද පැය කිහිපයකට වසා දැමීමට පියවර ගෙන තිබුණි.

විරෝධතාකරුවන් විසින් බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මෂ්‍රපි බින් මොර්ටාසාගේ නිවසට ද ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විරෝධතාකරුවන් එරට අග්‍රාමාත්‍ය නිල නිවසට සහ එරට පාර්ලිමේන්තුවට ද ඇතුළු වී දැඩි අලාභ හානි සිදුකර තිබේ.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website