සිකුරාදා, 09 අගෝස්තු 2024 09:38

අන්තර්වාර රජයේ නායකත්වය ගන්න මහාචාර්ය යූනුස් බංග්ලාදේශයට ගොඩබසී Featured

ශිෂ්‍ය නායකයන් සමඟත් සාකච්ඡාවක්

බංග්ලාදේශයේ පිහිටුවීමට නියමිත අන්තර්වාර රජයේ නායකයා ලෙස කටයුතු කිරීමට නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මොහොමඩ් යූනුස් ප්‍රංශයේ සිට ඊයේ දහවල් ඩකා නුවරට සේන්දු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මහාචාර්යවරයා ඊයේ රාත්‍රියේ අන්තර්වාර රජයක් පිහිටුවමින් එහි නායකයා ලෙස දිවුරුම් දීමට නියමිතව සිටි බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මහාචාර්ය මොහොමඩ් යූනුස් බංග්ලාදේශ අන්තර්වාර රජයේ නායකයා ලෙස පත් කිරීමට එරට ජනාධිපති මොහොමඩ් ශහාබුඩීන් පියවර ගෙන ඇත්තේ හමුදා නායකයන් සහ ශිෂ්‍ය අරගලයට නායකත්වය දුන් සිසුන් සමඟ පසුගියදා පැවැති සාකච්ඡාවකින් පසුවය. ඩකා නුවරට ගොඩබැසීමෙන් පසු ඔහු ප්‍රකාශ කර ඇත්තේ නව බංග්ලාදේශයක් ගොඩ නැඟීමට උපරිම දායකත්වය ලබා දෙන බවය. එමෙන්ම රට නැවත ගොඩනැඟීමට විනය අත්‍යවශ්‍ය බව ද ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වේ. විරෝධතාව අතරතුර ජීවිතක්ෂයට පත්වූවන්ට උපහාර පුද කරන බවත්, ඔවුන් ජාතිය වෙනුවෙන් දිවි පිදූ බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

සුප්‍රකට ග්‍රාමීන් බැංකු ජාලය ආරම්භ කරමින් එරට ජනතාව අතර කීර්තියට පත්ව සිටි මහාචාර්යවරයා ප්‍රංශයේ පදිංචි වී සිටියේ සිය බැංකු පද්ධතියේ සේවක සුභසාධන අරමුදල් පිහිටුවීමට අසමත්වීමෙන් එරට කම්කරු නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනාවකට මාස 6ක සිරදඬුවම් විඳි අතර, පසුගිය මාසයේදී නිදහස ලැබීමෙන් පසුවය.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website