බ්‍රහස්පතින්දා, 22 අගෝස්තු 2024 09:54

මළ සිරුරුවලින් ජෛව ද්‍රව්‍ය නිපදවා අලෙවි කරන මහා ජාවාරමක් චීන අධිකරණයේදී හෙළි වෙයි Featured

වසර අටක් පුරා සොරකම් කරනු ලැබූ මළ සිරුරු දහස් ගණනකින් ලබාගත් අවයව කොටස්වලින් ජෛව ද්‍රව්‍ය නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ චීන අධිකරණයකදී හෙළිදරව් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ජාවාරම සිදු කර ඇත්තේ චීනයේ ප්‍රමුඛතම ජෛව ද්‍රව්‍ය සමාගමක් බව ද අධිකරණයේදී අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

වසර 2015 ජනවාරියේ සිට 2023 ජූලි දක්වා එම සමාගම තවත් අනුබද්ධිත සමාගමක් සමඟ එක්ව අවමංගල උත්සවවලින්, අවයව බද්ධ කිරීමේ ආයතනයකින් සහ වෛද්‍ය විද්‍යාලයකින් මිනිස් සිරුරුවල කොටස් 4,300කට අධික ප්‍රමාණයක් ලබාගෙන ඇති බවත්, එම මළ සිරුරු කොටස් අස්ථි බද්ධ කිරීමේ ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කර ඇති බවත් අධිකරණයේදී හෙළි වූ වාර්තාවට ඇතුළත් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එම නිෂ්පාදනය අදාළ සමාගම විසින් චීනයේ පළාත් හා නගර 13ක රෝහල් වෙත සපයා ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

මේ කූට ජාවාරම සඳහා පරිත්‍යාගශීලීන්ගේ ලියාපදිංචි කිරීමේ වාර්තා සහ තත්ත්ව පාලන පත්‍රිකා ව්‍යාජ ලෙස සකස් කර ඇති අතර, එම සමාගම විසින් අර්ධ වශයෙන් නිෂ්පාදනය කර තිබූ ජෛව ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 18කට අධික ප්‍රමාණයක් හා පූර්ණ වශයෙන් නිෂ්පාදනය කර තිබූ ජෛව ද්‍රව්‍ය කොටස් 34,000කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website