බදාදා, 28 අගෝස්තු 2024 10:04

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට Featured

ඊශ්‍රායලය සහ හෙස්බුල්ලා සංවිධානය අතර යුද ගැටුමක උණුසුම වර්ධනය වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑමේ අවදානමක් මතු වී ඇතැයි ද, පෙරේදා වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.54 දක්වා 0.66% කින්ද,

අමෙරිකානු ටෙක්සාස් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.34 දක්වා 0.68% කින්ද ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එය සතියකට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල එවැනි අගයකින් ඉහළ ගිය පළමු අවස්ථාව බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඊශ්‍රායලය ඉලක්ක කරමින් පසුගියදා හෙස්බුල්ලා සංවිධානය රොකට් ප්‍රහාර 320ක් එල්ල කර තිබූ අතර, ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධාන ඉලක්ක වෙත මිසයිල ප්‍රහාරමාලාවක් එල්ල කිරීමත් සමඟ දෙපාර්ශ්වය අතර යුද උණුසුම වර්ධනය වී තිබිණි.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website