බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2024 08:22

ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 681කට නඟී Featured

අගෝස්තු 23 වැනිදායින් අවසන් වූ සතිය ඇතුළත ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 7කින් ඉහළ ගොස් ඇතැයි එරට මහ බැංකුව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය කාලය ඇතුළත ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය වාර්තාගත අයුරින් වර්ධනය වූ බවත්,

මේ වන විට එරට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 681.688ක වාර්තාගත අගයක් පෙන්නුම් කරන බව ඉන්දීය මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවක සඳහන් වන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මීට පෙර එරට විදේශ විනිමය සංචිතයේ ඉහළ අගය ලෙස වාර්තා වී ඇත්තේ ඩොලර් බිලියන 674.919ක් බවත් එම වාර්තාවේ සඳහන් වේ.

පසුගිය වසරේදී එරට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 58කින් ඉහළ ගිය අතර ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය මේ වසරේ ගත වූ මාස අටක කාලයේදී ඩොලර් බිලියන 60කින් ඉහළ ගිය බව ද එහි සඳහන් වේ.

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website