ඉරිදා, 08 සැප්තැම්බර් 2024 10:00

දරුණු සුළි කුණාටුවක් හේතුවෙන් චීනය ලක්ෂ ගණනක ජනකායක් ඉවත් කරගනී Featured

චීනයට පෙරේදා (07) දිනය අවසානයේ කඩා වැදීමට නියමිතව තිබු බලවත් නිවර්තන සුළි කුණාටුවක් (ටයිෆුන්) ‘යැගි’ සුළි කුණාටුව හේතුවෙන් ප්‍රකට සංචාරක දූපතක් වන ‘හයිනන්’ දූපතෙන් හාරලක්ෂයක පමණ ජනතාවක් ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ‘යැගි’ කුණාටුව හේතුවෙන් දූපතේ පාසල් හා ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇති අතර දුම්රිය, ගුවන් ගමන් හා බෝට්ටු සේවාවන් අත්හිටුවා ඇති බව වාර්තා වේ. යැගි සුළි කුණාටුව මෙම වසරේ චීනයට කඩා වැදීමට නියමිත බලවත්ම සුළි කුණාටුව සේ සැළකේ.

පැයට කිලෝ මීටර් 240ක් දක්වා වූ වේගයකින් හමා යන සුළං සහිත මෙම සුළි කුණාටුව කඩා වැදීම හේතුවෙන් උතුරු පිලිපීනයට දැඩි ව්‍යසනයක් සිදුව තිබේ. මෙම සුළි කුණාටුව හේතුවෙන් චීනයේ වැඩිම ජනගහණයක් වාසය කරන හයිනන් පළාතේ හා යාබද ගුවැන්ඩොන් පළාතට දැඩි විනාශයක් සිදුවනු ඇති බවට කාලගුණ විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා තිබේ. සුපර් ටයිෆුන් යනුවෙන් හඳුන්වාදී ඇති ‘යැගි’ සුළි කුණාටුව පස්වන කාණ්ඩයේ දරුණු සුළි කුණාටුවකට සමාන බව එම විද්‍යාඥයෝ කියා සිටිති.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website