සිකුරාදා, 20 සැප්තැම්බර් 2024 14:29

බංගලි ඇඟ­ලුම් ආය­තන 27ක් දින නිය­ම­කින් තොරව වසා දමයි Featured

සේවක සේවි­කා­ව­න්ගෙන් හිමි­ක­රු­වන්ට තර්ජන

වැඩි වැටුප්, ප්‍රසාද දීමනා සහ පැමි­ණීමේ දීමනා ඉහළ දමන ලෙස පාල­නා­ධි­කා­රි­යට බල කර­මින් සේවක සේවි­කා­වන් විසින් සිදු කරනු ලැබූ වැඩ වර්ජ­නය හා විරෝ­ධ­තාව හේතු­වෙන් වසා දමනු ලැබූ ඇඟ­ලුම් කර්මා­න්ත­ශාලා අතු­රින් 27ක් මෙතෙක් නැවත විවෘත කර නැති බව එරට මාධ්‍ය වාර්තා කළේය. පසු­ගිය සති­යේදී සේවක විරෝ­ධතා උත්සන්න වීම හේතු­වෙන් වසා දමනු ලැබූ ඇඟ­ලුම් ආය­තන 200කට ආසන්න සංඛ්‍යා­වක් නැවත විවෘත කර ඇතැයි ද එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මේ වන­වි­ටත් වසා දමා ඇති එම ඇඟ­ලුම් ආය­තන අතු­රින් 16ක්ම වසා ඇත්තේ දින නිය­ම­කින් තොරව බවත්, බංග්ලා­දේශ කම්කරු පන­තට අනුව වැටුප් රහිත කාල­සී­මා­ව­කට වසා දමා ඇති බැවින් එහි සේවක සේවි­කා­වන් කෝප­යට පත්ව සිටින බවත් වාර්තා වේ.

සිය ඉල්ලීම් ඉටු නොකි­රී­මත්, වසා දැමූ කාල­සී­මා­වේදී කම්කරු පන­තට අනුව වැටුප් නොලැ­බී­මත් හේතු­වෙන් එම ඇඟ­ලුම් ආය­ත­න­වල හිමි­ක­රු­වන්ට සේවක සේවි­කා­වන්ගේ තර්ජ­න­යට ලක්වී­මට සිදුවී ඇති අතර, සිය ආර­ක්ෂාව සහ ඇඟ­ලුම් ආය­ත­න­වල ආර­ක්ෂාව සඳහා එහි හිමි­ක­රු­වන් පොලි­සියේ සහාය ඉල්ලා ඇතැයි ද එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පසු­ගි­යදා ඇඟ­ලුම් ආය­තන ඇතුළු කර්මා­න්ත­ශාලා 219ක් වසා දැමී­මට එහි පාල­නා­ධි­කා­රිය පිය­වර ගෙන තිබු අතර, ඉන් 86ක්ම දින නිය­ම­ය­කින් තොරව වසා දැමී­මට පිය­වර ගෙන තිබිණි. විරෝ­ධතා වැළැ­ක්වීම සඳහා තවත් කර්මා­න්ත­ශාලා 133ක සේවක සේවි­කා­වන්ට නිවාඩු ලබා­දී­මට පාල­නා­ධි­කා­රිය පිය­වර ගෙන තිබූ බව ද වාර්තා විය.

DMN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website