මේ ගැටුමෙන් දේවස්ථානයට පැමිණි බැතිමතුන් ඇතුළු 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ගැටුම සිදු වූයේ දේව මෙහෙය ආරම්භ වීමට මොහොතකට පෙර බවත්, ප්‍රධාන පූජකවරයාට පහර දී ඇති බවත් වාර්තා වේ.
ගැටුම පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත් වී ඇති අතර, දේවස්ථානයේ ගේට්ටු අසල කැරලි මර්දන පොලිස් කණ්ඩායමක් ද යොදවා තිබූ අතර, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අමතරව හමුදා කණ්ඩායමක් ද පසුව පැමිණි බව එරට මාධ්‍ය සඳහන් කළේය.
DN