බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2024 12:36

මැදපෙරදිග යුද්ධයට සහාය එපා අමෙරිකාව පුරා විරෝධතා Featured

මැදපෙරදිග යුද්ධය ව්‍යාප්ත කිරීමට ඊශ්‍රායලයට සහාය නොදෙන ලෙස ඉල්ලා පලස්තීන සහ ලෙබනන් හිතවාදීන් අමෙරිකාව පුරා විරෝධතාවක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිව්යෝක් නුවර හැරල්ඩ් චත්‍රරස්‍රය අසල රැස්වූ විරෝධතාකරුවන් ඊශ්‍රායලයට යුද ආධාර දීම නවත්වන ලෙස බල කරමින් විරෝධතාවක නිරත වී ඇති අතර, තවත් නගර රැසක එවැනි විරෝධතා පැවැති බවට වාර්තා වේ.

යුද විරෝධී ක්‍රියාකාරීන් විශාල පිරිසක් විරෝධතාවට එක්වී සිටින බවත්, අමෙරිකානු රජය විසින් සපයනු ලැබූ විශාල ප්‍රමාණයෙන් බෝම්බ, මිසයිල භාවිත කරමින් ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සමූල ඝාතනයක් සිදු කරන බවටත් චෝදනා එල්ල කර ඇතැයි වාර්තා වේ.

රජයට එරෙහි විරෝධතාවට එක්වූ ඇතැම් පුද්ගලයන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

 DN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website