ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීම ඉහළ නැංවීම සඳහා අමෙරිකාව විසින් ඊශ්‍රායලයට දින 30ක කාලසීමාවක් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේ නොවන්නේ නම් අමෙරිකානු හමුදාමය සහයෝගය තවදුරටත් නොලැබීමේ අවදානමක් මතුවනු ඇතැයි ද අමෙරිකාව විසින් ඊශ්‍රායලයට අනතුරු අඟවනු ලැබූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
අමෙරිකාව ලිපියක් මඟින් ඊශ්‍රායලයට එම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ පසුගියදා ඊශ්‍රායල හමුදාව උතුරු ගාසා තීරයේ සිදු කළ දරුණු ප්‍රහාරයකින් සිවිල් වැසියන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අමෙරිකාවෙන් ලද අනතුරු ඇඟවීමේ ලිපිය පිළිබඳ මේ වන විට ඊශ්‍රායල රජයේ දැඩි අවධානය යොමු වී ඇති බවත්, එය බරපතළ කරුණක් ලෙස සලකා ඉදිරියේදි ඒ පිළිබඳ අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වේ. සිය හමුදාව උතුරු ගාසා තීරයේ හමුදා ක්‍රියාන්විත සිදු කරනු ලබන්නේ හමාස් සංවිධානය ඉලක්ක කරමින් බවත්, එම කලාපයට සපයන මානුෂීය ආධාර මුළුමනින්ම අත්හිටුවා නැති බවත් ඊශ්‍රායලය මීට පෙර නිවේදනය කර තිබූ බවත් වාර්තා වේ.
DN