ඉරිදා, 05 මාර්තු 2023 09:38

චීන පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට ජනපති ෂී ජින්පින්ග් සැරසෙයි. Featured

චීන පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට, ජනාධිපති ෂී ජින්පින්ග් තීරණය කර ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, කැබිනට් මණ්ඩලය යටතේ පවතින ආයතන ද මේ යටතේ ප්‍රතිසංස්කරණය කෙරෙන බවයි.

ඒ, සඳහා චීන පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අනතුරුව නව අග්‍රාමාත්‍යවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් තෝරාපත්කර ගැනීමට නියමිතයි.

ඊට අදාළ කෙටුම්පත සකස් කිරීම සඳහා චීන ජනාධිපතිවරයා, එරට නීති සම්පාදකයින් හමුවී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඊට සමගාමීව වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇත.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website