බදාදා, 23 ඔක්තෝබර් 2024 10:05

ජර්මනියේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට කෘත්‍රිම බුද්ධියෙන් තරුණියක් Featured

ජර්මනියේ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් සංචාරක ප්‍රවර්ධන නිලධාරිනියක් නිර්මාණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

‘එමා’ නමින් හඳුන්වනු ලබන කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ රූමත් තරුණිය ඉදිරියේදී ජර්මනියේ සංචාරක ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඉවහල් වනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ. ‘එමා’ හඳුන්වා දෙමින් එරට සංචාරක මණ්ඩලය ඩිජිටල් මුහුණුවරකින් යුතුව ජර්මානු සංචාරක ව්‍යාපාරය සමාජ මාධ්‍ය ජාලයේ වඩාත් පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ආකර්ශණීය රුවකින් යුතු ලා දුඹුරු පැහැති හිසකේ ඇති ප්‍රසන්නශීලි ආකාරයෙන් නිර්මාණය කළ ‘එමා’ ලොව පුරා සංචාරකයන්ට ජර්මනියේ සංචාරය කිරීමට අවශ්‍ය සියලුම ආකාරයේ තොරතුරු බෙදා දීමට කටයුතු යොදා ඇතැයි ද වාර්තා වේ.

 DN

Business News

Image

Stats

There are 35133 listings, 1280 categories and 92 owners in our website